ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 20:35 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 20:35
5 හුවමාරු යොමු  

දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.


සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත්, බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්න ව තිබුණු බව නොදැන සිටියහ.


තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ.