ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 20:14 - Sinhala New Revised Version 2018

බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වූවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 20:14
6 හුවමාරු යොමු  

අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය.


එහෙත් රජ තෙම, “ඔබ හැමට යාම තහනම් ය”යි අණ කෙළේ ය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින්, විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධ ව පැමිණියා හ.


එහෙත්, සීහොන් රජ, තම රට මැදින් යන්නට ඉශ්රායෙල්වරුන්ට අවසර නුදුන්නේ ය. තවද, ඔහු තම සියලු සෙනඟ රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පාළුකරයේ පිහිටි ජහශ් නම් ස්ථානයට ගොස්, ඔවුන්ට පහර දුන්නේ ය.


ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ.


ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.