මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය.
විනිශ්චයකාරයෝ 2:6 - Sinhala New Revised Version 2018 ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. Sinhala New Revised Version ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. Sinhala Revised Old Version යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය. |
මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය.
ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.