විනිශ්චයකාරයෝ 19:2 - Sinhala New Revised Version 2018 ඔහුගේ උපභාර්යාව ඔහුට විරුද්ධ ව වේශ්‍යාකම් කොට, ඔහු අත්හැර ජුදයේ බෙත්ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාර මාසයක් සිටියා ය. Sinhala New Revised Version ඔහුගේ උපභාර්යාව ඔහුට විරුද්ධ ව වේශ්‍යාකම් කොට, ඔහු අත්හැර ජුදයේ බෙත්ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාර මාසයක් සිටියා ය. Sinhala Revised Old Version ඔහුගේ උප භාර්යාව ඔහුට විරුද්ධව වේශ්‍යාකම්කොට ඔහු අත්හැර යුදයේ බෙත්-ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාරමාසයක් සිටියාය. |
යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය.
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
ජුදා පෙළපතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේ ය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි.
ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය.
ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඈ නැවත ගෙනෙනු පිණිස තම වැඩකාරයා ද කොටළුවන් දෙදෙනෙකු ද සමඟ ඈ කරා ගියේ ය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවා ය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේ ය.