ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 19:19 - Sinhala New Revised Version 2018

අපේ කොටළුවන්ට පිදුරුත්, කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවට ද මාගේ වැඩකාරයාට ද රොටිත්, මුද්‍රික පානයත් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපේ කොටළුවන්ට පිදුරුත්, කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවට ද මාගේ වැඩකාරයාට ද රොටිත්, මුද්‍රික පානයත් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ කොටළුවන්ට පිදුරුත් ගෝචරත් තිබේ; මට සහ නුඹේ වැඩකාරිටද නුඹේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටිත් මුද්‍රිකපානයත් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 19:19
6 හුවමාරු යොමු  

අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය.


“නුඹලා මෙතෙක් කළ පරිදි ගඩොල් සෑදීම සඳහා මිනිසුන්ට පිදුරු නොදිය යුතුයි. ඔවුන් ම ගොස් පිදුරු සොයාගත යුතුයි.


එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ.


ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.


ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, “අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.


ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.