විනිශ්චයකාරයෝ 18:14 - Sinhala New Revised Version 2018 එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, “මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ. Sinhala New Revised Version එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, “මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ. Sinhala Revised Old Version එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය. |
මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.
මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය.
එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.
ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.
එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, “ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය.
මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය.