එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,
විනිශ්චයකාරයෝ 16:2 - Sinhala New Revised Version 2018 “සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය. Sinhala New Revised Version “සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය. Sinhala Revised Old Version සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය. |
එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,
පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.
එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.
එහෙත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරණ පිණිස ඔව්හු රෑ දාවල් දෙක්හි දොරටුවල රැකබලා සිටියහ.
එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය.
සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.
එම රැයෙහි සාවුල්, දාවිත්ගේ නිවස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. දාවිත්ගේ බිරිඳ වන මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.
සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය.