මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
විනිශ්චයකාරයෝ 13:16 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්‍රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය. |
මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට වත්, ඔහුගේ භාර්යාවට වත් නොපෙනුණේ ය. එවිට මානෝවා ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව දැන ගත්තේ ය.
එහෙත්, ඔහුගේ භාර්යාව, “සමිඳාණන් වහන්සේ අප නසන්නට කැමැති සේක් නම්, උන් වහන්සේ අපේ අතින් දවන යාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේ වත්, උන් වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේ වත්, මේ කාලයේ දී අපට මෙබඳු දේවල් දන්වන්නේ වත් නැතැ”යි ඔහුට කීවා ය.
දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ පූප ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය.
මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.