ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 13:14 - Sinhala New Revised Version 2018

මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඈ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටීවා; මා විසින් ඈට අණකළ සියල්ල ඈ පවත්වාවයි කීය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 13:14
10 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු මෙසේ කීවෝ ය: “අපි මුද්‍රික පානය නොබොම්හ. මක්නිසා ද, අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කරමින්, ‘නුඹලා වත්, නුඹලාගේ පුත්‍රයන් වත් සදහට ම මුද්‍රික පානය නොබී සිටින්න:


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට


කැප වූ මුළු කාලය තුළ ම ඔහු මිදි වැලෙන් හෝ මිදි ගෙඩියේ මදයෙන් හෝ ලෙල්ලෙන් හෝ සෑදූ කිසිවක් නොකෑ යුතු ය.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.


තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත.


ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න.


එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”