ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 13:13 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඈ බලාගනීවා.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 13:13
4 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.


මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.


එවිට මානෝවා කතා කොට, “ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.


ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න.