සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.
විනිශ්චයකාරයෝ 11:40 - Sinhala New Revised Version 2018 එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය. Sinhala New Revised Version එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය. Sinhala Revised Old Version ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇතිවිය. |
සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.
ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.
එප්‍රායිම් වැසියෝ රැස් වී, උතුරු දිශාවට එතෙර වී ගොස් ජෙප්තාට කතා කොට, “ඔබ සමඟ යන පිණිස අපට ආරාධනා නොකොට, ඔබ අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන් ද? අපි ඔබේ නිවෙස ඔබත් ඇතුළු ව ගින්නෙන් පුළුස්සා දමන්නෙමු”යි කී හ.
ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.