අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
විනිශ්චයකාරයෝ 11:22 - Sinhala New Revised Version 2018 “ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය. Sinhala New Revised Version “ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය. Sinhala Revised Old Version ඔව්හු අර්ණොන් පටන් යබ්බොක් දක්වාද කාන්තාරයේ පටන් යොර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමිකරගත්තෝය. |
අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
එහෙත්, අම්මොන්ගේ පෙළපත පදිංචි දේශයට වත්, ජබ්බොක් ගඟ අසබඩ කිසි ම ස්ථානයකට වත්, කඳුකරයේ කිසි ම නුවරකට වත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ තහනම් කළ කිසි ම තැනකට වත් අපි නොගියෙමු.”
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නා දමා තිබිය දී, ඔබ ඔවුන්ගේ රට හිමි කරගන්නට අදහස් කරන්නෙහි ද?