විනිශ්චයකාරයෝ 1:9 - Sinhala New Revised Version 2018 ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය. Sinhala New Revised Version ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය. Sinhala Revised Old Version ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය. |
ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ එග්ලොන් සිට හෙබ්‍රොන් නගරයට ගොස් ඊට විරුද්ධ ව යුද්ධ කොට,
ඒ කාලයෙහි ජෝෂුවා අවුත් කඳු රටින් ද හෙබ්‍රොන් කෙරෙන් ද දෙබීර් කෙරෙන් ද අනාබ් කෙරෙන් ද මුළු ජුදා කඳු රටෙන් ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන් ද ආනාක් නම් යෝධයන් නැතිකර දැමුවේ ය. ජෝෂුවා ඔවුන්ගේ නගර සමඟ ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.
මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි.
එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.
ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය.