ආරොන් ද එවිට පූජාසනයට ළඟා වී තමාගේ පාප උදෙසා පාප පූජාවේ වස්සා මැරී ය.
එවිට ආරොන් පූජාසනයට ළඟාවී තමා උදෙසා වූ පාප පූජාවේ එළවස්සා මැරුවේය.
එවිට ආරොන් ද මෝසෙස්ට උත්තර දෙමින්, “බලන්න, මෙදින සෙනඟ තමන්ගේ පාප පූජාව සහ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ නමුත්, මට මෙයාකාර දේවල් සිදු වී ඇත. හොඳයි, පාප පූජාව සඳහා පිදූ සතාගේ මාංසය මම අද වැළඳුවෙම් නම්, එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයක් වන්නට තිබුණේ දැ”යි ඇසී ය.
ඔහු ඒ සතාගේ හිස මත අත තබා, දවන යාග පිදූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.