ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.
ලෙවී කථාව 6:9 - Sinhala New Revised Version 2018 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය. Sinhala New Revised Version “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය. Sinhala Revised Old Version ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය–දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය. |
ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.
ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.
මේ පූප ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”
“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.
“අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය.