ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.
ලෙවී කථාව 6:8 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: |
ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.
පූජක ආරොන්ගේ පුත්‍රයන් ද පූජාසනය මත ගිනි දල්වා, ඒ ගිනි පිට පිළිවෙළින් දර තැබිය යුතු ය.
පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.”
“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය.