ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.
ලෙවී කථාව 6:23 - Sinhala New Revised Version 2018 තවද, පූජකවරයෙකුගේ සියලු ධාන්‍ය පූජා සම්පූර්ණයෙන් ම දැවිය යුතු ය. ඒවා නොවැළඳිය යුතු ය.” Sinhala New Revised Version තවද, පූජකවරයෙකුගේ සියලු ධාන්‍ය පූජා සම්පූර්ණයෙන් ම දැවිය යුතු ය. ඒවා නොවැළඳිය යුතු ය.” Sinhala Revised Old Version පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක. |
ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.
ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.
යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.”
ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.