මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
ලෙවී කථාව 4:19 - Sinhala New Revised Version 2018 ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය. Sinhala New Revised Version ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය. Sinhala Revised Old Version ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය. |
මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”
පසුව සහභාගිකමේ පූජාවලින් තෙල ඉවතට ගත් ලෙස උගේ තෙල ද ඉවතට ගෙන, සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඒවා ඔහුට කමා කරනු ලැබේ.
පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”
තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.
පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.”
මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?