එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
ලෙවී කථාව 4:12 - Sinhala New Revised Version 2018 යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.” Sinhala New Revised Version යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.” Sinhala Revised Old Version අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය. |
එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න.
බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය.
ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.
ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
තවද, පූජකවරයෙකුගේ සියලු ධාන්‍ය පූජා සම්පූර්ණයෙන් ම දැවිය යුතු ය. ඒවා නොවැළඳිය යුතු ය.”
එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”
ඔහු මෙලෙස පව් කළ බැවින් වරදකරුවෙක් වන්නේ ය. ඔහු උදුරාගත් දේ ද රැවටීමෙන් ගත් දේ ද ප්‍රවේසමට තබා ගැන්මට දුන් දේ ද නැති වූ පසු සොයා ගත් දේ ද
එහෙත්, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගවයාගේ ඉතිරි කොටස් වන උගේ හම සහ මාංසය ද ගොම ද කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක.
නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.
මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක.
මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ.