ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 26:10 - Sinhala New Revised Version 2018

නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 26:10
5 හුවමාරු යොමු  

“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.


කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.


අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”


එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත.


පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් පූප හා විළඳ අනුභව කළෝ ය.