ලෙවී කථාව 24:19 - Sinhala New Revised Version 2018 “යමෙකු මිනිසෙකුට තුවාළයක් කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ. Sinhala New Revised Version “යමෙකු මිනිසෙකුට තුවාළයක් කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ. Sinhala Revised Old Version මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට පලුදුවක් කළොත් ඔහු කළ ලෙසම ඔහුටත් කරනු ලැබේවා; |
ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.
ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.