මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
ලෙවී කථාව 23:6 - Sinhala New Revised Version 2018 එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් පූප මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. Sinhala New Revised Version එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. Sinhala Revised Old Version එම මස පසළොස් වෙනි දින ස්වාමීන්වහන්සේට මුහුන් නොදැමූ රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න. |
මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.
“නුඹ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.
ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර පූප නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන පූප එනම්, නුමුහුන් පූප කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් පූප ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.
දින හයක් ඔබ නුමුහුන් පූප කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”