මෙය දැනගන්නට ලැබුණු වහා ම, ඔව්හු ඔවුන්ගේ නගරවල ද ජෙරුසලමෙහි ද ප්‍රකාශනයක් කළෝ ය. ඒ මෙසේ ය: “පොතේ ලියා තිබෙන ලෙස, පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස්, ඔලීව අතු ද වල් ඔලීව අතු ද මරඳ අතු ද තල් අතු ද අතු ඝන ව තිබෙන ගස්වල අතු ද ගෙනෙන්න.”
ලෙවී කථාව 23:4 - Sinhala New Revised Version 2018 තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.” Sinhala New Revised Version තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.” Sinhala Revised Old Version ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය. |
මෙය දැනගන්නට ලැබුණු වහා ම, ඔව්හු ඔවුන්ගේ නගරවල ද ජෙරුසලමෙහි ද ප්‍රකාශනයක් කළෝ ය. ඒ මෙසේ ය: “පොතේ ලියා තිබෙන ලෙස, පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස්, ඔලීව අතු ද වල් ඔලීව අතු ද මරඳ අතු ද තල් අතු ද අතු ඝන ව තිබෙන ගස්වල අතු ද ගෙනෙන්න.”
මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත! දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත! මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.
පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.”
එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.
“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.