ලෙවී කථාව 23:16 - Sinhala New Revised Version 2018 හත් වන සබත් දිනට පසු පැමිණෙන පනස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. Sinhala New Revised Version හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. Sinhala Revised Old Version සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. |
එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද පූප දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.
“සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.