ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”
ලෙවී කථාව 22:9 - Sinhala New Revised Version 2018 “එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි. Sinhala New Revised Version “එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි. Sinhala Revised Old Version එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය. |
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”
උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.
“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.
“එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”
මින් ඉදිරියට ඉශ්රායෙල් ජනතාව සම්මුඛ මණ්ඩපයට ළඟා නොවිය යුතු ය. එසේ කළොත්, ඔවුන් පව් කරන බැවින් මැරෙනු ඇත.
නුඹලා ඉස්තරම් ම කොටස සමිඳාණන් වහන්සේට පූජා කළහු නම්, එය වැළඳීමෙන් පාපයක් නොවනු ඇත. තවද, නුඹලා ඉශ්රායෙල් ජනයාගේ ශුද්ධ පඬුරු නොකෙලෙසිය යුතු ය. ඒවා කෙලෙසුවහොත් නසිනු ඇත.’ ”
“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපනත් ද පිළිපැදිය යුතු ය.