“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
ලෙවී කථාව 22:31 - Sinhala New Revised Version 2018 “නුඹලා මාගේ ආඥා රකිමින් ඒවා පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. Sinhala New Revised Version “නුඹලා මාගේ ආඥා රකිමින් ඒවා පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. Sinhala Revised Old Version එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය. |
“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”
එය පුද කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දින වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය.
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”