ලෙවී කථාව 2:5 - Sinhala New Revised Version 2018 “නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ පූපයක් විය යුතු ය. Sinhala New Revised Version “නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ රොටියක් විය යුතු ය. Sinhala Revised Old Version නුඹේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය. |
තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.
යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් පූප ද තෙල් ගෑ නුමුහුන් පූප පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර පූප ද පුද කළ යුතු ය.
උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.