කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.
ලෙවී කථාව 2:14 - Sinhala New Revised Version 2018 නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය. Sinhala New Revised Version නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය. Sinhala Revised Old Version ඉදින් ප්‍රථම ඵලවලින් නුඹ ස්වාමීන්වහන්සේට ආහාර පූජාවක් ඔප්පු කරන්නෙහිනම් ගින්නෙන් බැදපු ශස්‍ය කරල්වලින් පොඩිකරගත් අලුත් ධාන්‍ය නුඹේ ආහාර පූජාව කොට ඔප්පුකරන්න. |
කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.
තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, “සෙනඟට කන්න දෙන්නැ”යි කී ය.
පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”
නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.
ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.
පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් පූප සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.
ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.
උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.
ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය.