ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 19:25 - Sinhala New Revised Version 2018

එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒවායේ ඵල ප්‍රයෝජන නුඹලාට වැඩි වන ලෙස පස්වෙනි අවුරුද්දේ ඒවායේ ඵල කන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 19:25
13 හුවමාරු යොමු  

එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.


“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.


නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


“බොරු දේව පිළිම වෙත නොහැරෙන්න; ලෝහයෙන් වාත්තු කළ දෙවිවරුන් සාදා නොගන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”