පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.
ලෙවී කථාව 14:53 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත. Sinhala New Revised Version ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත. Sinhala Revised Old Version පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමගිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය. |
පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.
මෙසේ ඔහු පක්ෂියාගේ ලෙයින් ද පිරිසිදු වතුරෙන් ද පණපිටින් සිටින පක්ෂියාගෙන් ද කිහිරි ලී කෑල්ලෙන් ද හිසොප් පැළයෙන් හා දම් පාට රෙදි කඩින් ද ගේ පවිත්‍ර කළ යුතු ය.
ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.