ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.
ලෙවී කථාව 14:51 - Sinhala New Revised Version 2018 පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය. Sinhala New Revised Version පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය. Sinhala Revised Old Version කිහිරි දඬුද හිසොප්ද රතුලොම්ද පණ ඇති පක්ෂියාද රැගෙන, මැරූ පක්ෂියාගේ ලෙයෙහිත් බැස යන ජලයෙහිත් ගිල්වා සත් වරක් ගෙට ඉස, |
ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.
ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.
මෙසේ ඔහු පක්ෂියාගේ ලෙයින් ද පිරිසිදු වතුරෙන් ද පණපිටින් සිටින පක්ෂියාගෙන් ද කිහිරි ලී කෑල්ලෙන් ද හිසොප් පැළයෙන් හා දම් පාට රෙදි කඩින් ද ගේ පවිත්‍ර කළ යුතු ය.