එවිට ගෙහිමියා පූජකවරයා වෙත පැමිණ, ‘මාගේ ගෙදර ලාදුරු රෝගයෙහි ලකුණු ඇති සේ පෙනේ යැ’යි කිව යුතු ය.
ලෙවී කථාව 14:36 - Sinhala New Revised Version 2018 එවිට පූජකවරයා ඒ ලකුණු පරීක්ෂා කිරීමට ගෙට ඇතුළු වන්නට පෙර ගෙයි ඇති සියල්ල අපවිත්‍ර නොවනු පිණිස ඒ ගේ හිස් කරන්නට අණ දිය යුතු ය. ඉන්පසු පූජකවරයා ගෙට ඇතුල් වනු ඇත. Sinhala New Revised Version එවිට පූජකවරයා ඒ ලකුණු පරීක්ෂා කිරීමට ගෙට ඇතුළු වන්නට පෙර ගෙයි ඇති සියල්ල අපවිත්‍ර නොවනු පිණිස ඒ ගේ හිස් කරන්නට අණ දිය යුතු ය. ඉන්පසු පූජකවරයා ගෙට ඇතුල් වනු ඇත. Sinhala Revised Old Version එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය. |
එවිට ගෙහිමියා පූජකවරයා වෙත පැමිණ, ‘මාගේ ගෙදර ලාදුරු රෝගයෙහි ලකුණු ඇති සේ පෙනේ යැ’යි කිව යුතු ය.
එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,
කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,
තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.