මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
ලෙවී කථාව 14:17 - Sinhala New Revised Version 2018 මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය. Sinhala New Revised Version මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය. Sinhala Revised Old Version තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා, |
මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.
පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.
දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.
ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.
දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!