ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:42 - Sinhala New Revised Version 2018

එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මුඩු හිසේවත් මුඩු නළලේවත් රතට හුරු සුදු ලපයක් හටගත්තොත් එය ඔහුගේ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ හටගන්න කුෂ්ඨයක්ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:42
5 හුවමාරු යොමු  

එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.


“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.


තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය.


පූජකවරයා ඔහු සෝදිසි කළ විට මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ ඉදිමුම, හමේ හට ගන්න බෝවෙන චර්ම රෝගයක් මෙන් මඳක් රතට හුරු නම්,


එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,