“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
ලෙවී කථාව 13:27 - Sinhala New Revised Version 2018 හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි. Sinhala New Revised Version හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි. Sinhala Revised Old Version සත්වෙනි දින පූජකයා ඔහු බලාවා. ඒක හමේ පැතිර තිබේනම් ඔහු අපවිත්‍රයයි පූජකයා ප්‍රකාශකෙරේවා. ඒක කුෂ්ඨරෝගයය. |
“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය.
එහෙත්, ඒ පැල්ලම පැතිරී නොගොස් එලෙස ම පවතී නම්, එය මඳක් මැල වී ඇති නම්, එය පිළිස්සීමෙන් හටගත් ඉදිමීමකි. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය පිළිස්සීමෙන් හටගත් කැළලක් පමණි.
පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට පවිත්‍ර යයි ප්‍රකාශ කළ පසු තඩිස්සිය හමේ වඩා පැතිරී ගියහොත්, ඔහු පූජකවරයා වෙත ඉදිරිපත් වී නැවත සෝදිසි කරවා ගනු ලැබිය යුතු ය.