ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 11:43 - Sinhala New Revised Version 2018

තවද, නුඹලා බඩගා යන කොයි යම් සතෙක් වත් කෑමෙන් පිළිකුල් නොවී, අපවිත්‍ර නොවී සිටිය යුතු ය. උන්ගෙන් දූෂණය නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, නුඹලා බඩගා යන කොයි යම් සතෙක් වත් කෑමෙන් පිළිකුල් නොවී, අපවිත්‍ර නොවී සිටිය යුතු ය. උන්ගෙන් දූෂණය නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 11:43
5 හුවමාරු යොමු  

ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේ වා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.


පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය.


එබැවින් පවිත්‍ර සතුන් හා අපවිත්‍ර සතුන් ද පවිත්‍ර පක්ෂීන් හා අපවිත්‍ර පක්ෂීන් ද නුඹලා වෙන් කොට සැලකිය යුතු ය. මා අපවිත්‍ර යයි වෙන් කළ සතුන්ගේ හෝ පක්ෂීන්ගේ හෝ බඩගා යන සතුන්ගේ හෝ මාංස අනුභව කොට නුඹලා මට පිළිකුල් නොවිය යුතු ය.


මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.