ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේ වා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.
ලෙවී කථාව 11:29 - Sinhala New Revised Version 2018 “බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ; Sinhala New Revised Version “බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ; Sinhala Revised Old Version පොළොව පිට බඩගායන සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද |
ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේ වා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.
දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.
යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.
“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළ සේක;
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය.
මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙමින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය.
එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.