මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.
ලෙවී කථාව 1:11 - Sinhala New Revised Version 2018 පූජාසනයට උතුරු පැත්තේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය. Sinhala New Revised Version පූජාසනයට උතුරු පැත්තේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය. Sinhala Revised Old Version ඔහු පූජාසනයට උතුරු පැත්තේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා. |
මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.
තවද, උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, පූජාසනය පිට දවන යාග පූජා ඔප්පු කරන්නටත්, එය පිට ලේ ඉසින්නටත් පූජාසනය ඉදි කළ විට ඒ ගැන නියෝග මේවා ය.
උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි.
ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.
පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය.
“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “පාප පූජාව පිළිබඳ නීතිය මේ ය: සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජාවේ සතා මරන ස්ථානයේ ම පාප පූජාවේ සතා ද මැරිය යුතු ය. එය අතිශුද්ධ ය.
දවන යාග පූජාව පිණිස සතා මරන ස්ථානයේ දී වන්දි ගෙවීමේ පූජාව පිණිස ගත් සතා ද මැරිය යුතු ය. පසුව උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.