ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 5:18 - Sinhala New Revised Version 2018

මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක් මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය.

පරිච්ඡේදය බලන්න



රෝම 5:18
17 හුවමාරු යොමු  

එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.


ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.


තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක.


එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, “ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ.


මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.


ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක.


උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.


එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.


එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.


එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය.


මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි ජීවත් වන බැවිනි.


ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝ ම ජීවනයට පමුණුවනු ලබන්නෝ ය.


එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.


මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද අපෝස්තුළුවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය.


එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත.