එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.
රූත් 3:16 - Sinhala New Revised Version 2018 සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය. Sinhala New Revised Version සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය. Sinhala Revised Old Version ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, නුඹ කවුදැයි ඇසුවාය. |
එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.
ඔබ වෙත හිස් අතින් මා නොපැමිණිය යුතු යයි ඔහු මේ බාර්ලි කිලෝග්‍රෑම් විස්ස මට දුන්නේ යැ යි කීවා ය.