ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 3:15 - Sinhala New Revised Version 2018

එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔහු: නුඹ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය.

පරිච්ඡේදය බලන්න



රූත් 3:15
5 හුවමාරු යොමු  

අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.


එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය.


එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.


මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.


සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය.