ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 3:14 - Sinhala New Revised Version 2018

මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න



රූත් 3:14
8 හුවමාරු යොමු  

හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.


කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.


ඔබට යහපත සේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේ වා.


ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ.


සියලු ආකාර නපුරෙන් වළකින්න.


ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.


එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.