සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
යොෂුවා 8:7 - Sinhala New Revised Version 2018 එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක. Sinhala New Revised Version එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක. Sinhala Revised Old Version එවිට නුඹලා සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹලා අතට පාවාදෙන සේක. |
සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “බිය නොවන්න, නොකැළඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ රැගෙන ආයි නගරයට යන්න. මම ආයි රජු හා ඔහුගේ සෙනඟත්, ඔහුගේ නගරයත්, ඔහුගේ රටත් නුඹ අතට පාවා දෙන්නෙමි.
‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.
ඔබ හැම නගරය අල්ලාගත් විට එයට ගිනි තබන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ම කරන්න. මා ඔබ හැමට දෙන අණ මෙසේ වේ.”
එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.