මෝසෙස් ජෝෂුවාට කතා කොට, “අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය.
යොෂුවා 8:3 - Sinhala New Revised Version 2018 මෙසේ ජෝෂුවා සහ මුළු යුද්ධ සේනාව ආයි නගරයට යන පිණිස සැරසුණෝ ය. ජෝෂුවා බලසම්පන්න හේවායන් තිස්දහසක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යැව්වේ ය. Sinhala New Revised Version මෙසේ ජෝෂුවා සහ මුළු යුද්ධ සේනාව ආයි නගරයට යන පිණිස සැරසුණෝ ය. ජෝෂුවා බලසම්පන්න හේවායන් තිස්දහසක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යැව්වේ ය. Sinhala Revised Old Version මෙසේ යෝෂුවා හා මුළු යුද්ධ සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යෝෂුවා බලසම්පන්න යුද්ධකාරයන් තිස් දාහක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින්, |
මෝසෙස් ජෝෂුවාට කතා කොට, “අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය.
ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.
ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.