ඉශ්රායෙල්වරු ද ඔවුන්ට විරුද්ධ ව කඩුවෙන් ප්‍රති ප්‍රහාර දී, අර්ණොන් නදියේ සිට ජබ්බොක් දක්වා ද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාශර් නම් ස්ථානය දක්වා ද රට යටත් කරගත්හ.
යොෂුවා 8:24 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය. Sinhala Revised Old Version ඉශ්රායෙල්වරුන් තමුන් පස්සේ කාන්තාරයෙහි එළවාගන ආවාවූ හායිහි සියලු වැසියන් පිටතදී මරා තීන්දුකළ පසුද මෙසේ ඔවුන් සියල්ලන්ම නාස්තිවෙනතුරු කඩු මුවහතින් වැටීගිය පසුද සියලු ඉශ්‍රායෙල්වරු හායිට හැරීගොස් ඊට කඩු මුවහතින් පහරදුන්නෝය. |
ඉශ්රායෙල්වරු ද ඔවුන්ට විරුද්ධ ව කඩුවෙන් ප්‍රති ප්‍රහාර දී, අර්ණොන් නදියේ සිට ජබ්බොක් දක්වා ද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාශර් නම් ස්ථානය දක්වා ද රට යටත් කරගත්හ.
ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය.