මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.
යොෂුවා 8:18 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක නුඹ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය. |
මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.
තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.
උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.
මම බබිලෝනියේ රජුගේ බාහු ශක්තිමත් කරන්නෙමි. එහෙත්, පාරාවෝගේ බාහු දුර්වල කරන්නෙමි. මෙසේ මා බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු එය මිසර දේශයට විරුද්ධ ව දිගු කරන කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යන පිණිස පිටතට නොගිය එක මිනිසෙක් වත් ආයි නගරයේ වත්, බෙතෙල් නගරයේ වත් ඉතිරි ව නොසිටියේ ය. නගරය නොවසා සියල්ල අත්හැර ඔව්හු ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ ය.
එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය.
මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය.
එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක.
පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය.
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.
ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය.