ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 6:3 - Sinhala New Revised Version 2018

යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යුද්ධකාරයෝවූ නුඹලා සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් නුඹ විසින් එසේ කළ යුතුය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 6:3
9 හුවමාරු යොමු  

එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි.


සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.


එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය.


මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය.


මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.


පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!


ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය.