යොෂුවා 5:6 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය. Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය. Sinhala Revised Old Version මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය. |
එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.
තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි.
මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි.
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත.
මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.
සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.
ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.
නික්ම ආ සියලු සෙනඟ චර්මඡේදනය ලබා සිටිය නමුත්, මිසරයෙන් එන කල, මඟ දී පාළුකරයෙහි උපන් සෙනඟ චර්මඡේදනය නොලැබූ හ.
උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය.