සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක.
යොෂුවා 3:7 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි. |
සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක.
දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය.
ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.
සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා!
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.
ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”
ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.”
ඒ දවසේ දී සකල ඉශ්රායෙල් ජනතාවගේ ඇස් හමුයෙහි සමිඳාණන් වහන්සේ ජෝෂුවා උසස් කළ සේක. ඔව්හු මෝසෙස්ට ගෞරව කළාක් මෙන් ජෝෂුවාට ද ඔහුගේ මුළු ජීවිත කාලයෙහි ගෞරව දැක්වූවෝ ය.