ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.
යොෂුවා 22:26 - Sinhala New Revised Version 2018 එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව, Sinhala New Revised Version එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව, Sinhala Revised Old Version එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව, |
ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.
රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.
අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”
එවිට ගිඩියොන් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා, ‘සමිඳාණන් වහන්සේ සාමදානය ය’ යන අර්ථය ඇති ‘යාවේ-ෂාලොම්’ යන නාමය ඊට තැබුවේ ය. එය අද දවස දක්වා අබියෙශ්‍රීයවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.